Saturday, July 25, 2020

පාසල් යළි විවෘත කිරීම 2020/07/27

විශේෂ  නිවේදනයයි

පාසල් යළි විවෘත කිරීම - 2020/07/27

    2020 ජූලි මස 27 සඳුදා දින සිට පාසල්  යළි විවෘත කිරීමට තීරණය කර ඇත. එහිදී ජූලි මස 27 සිට ජූලි 31 දක්වා පැවැත්වෙන්නේ 11, 12 හා 13 ශ්‍රේණි සඳහා පමණි. 
එහිදී 11 ශ්‍රේණිය සඳහා ජූලි මස 27 සඳුදා දිනට අදාළ කාල සටහන වන්නේ ජූලි මස 13 දින පැවැත්වීමට සැලසුම් කර ලබා දුන් කාල සටහන බව සැලකිය යුතුය. 
එය පහත පරිදි වේ.

පාසල් විවෘත කිරීම සම්බන්ධව මීට පෙර මෙම බ්ලොග් අඩවියේ පළ කළ විස්තර වලට අනුකූලව පාසල් පැවැත්වෙන අතර එහි විස්තර නැවත අවධාරණයට ගන්න.

පාසල් ආරම්භයට අදාළ පොදු කරුණු.
  • 2020 ජූලි 27 සිට 31 දින දක්වා පැවැත්වෙන්නේ 11, 12 හා 13 ශ්‍රේණි පන්ති පමණි.
  • පාසල් පැවැත්වෙන කාලය පෙ.ව. 7.30 හා ප.ව. 3.30 වේ.
  • 11 ශ්‍රේණි සඳහා පැය 1 1/2 ක කාලච්ජේද හා 12, 13 ශ්‍රේණි සඳහා පැය 2 ක කාලච්ජේද ද පැවැත්වේ. 
  • විශේෂිත කාල සටහනකට අනුව විෂයයන් ඉගැන්වේ. (කාල සටහන මෙහි පළ කර ඇත.)
  • පාසල් ආපනශාලාව විිවෘතව නොමැත.
  • කාලච්ජේද අතරතුර විවේක කාලයන් 2ක් ලබා දේ. එය සෑම පන්තියකටම එකම මොහොතකදී ලබා නොදේ.
  • පන්තියකට සිසුන් 25 ක් වනසේ පන්ති වෙන් කර ඇත.
  • පුස්තකාලය, විද්‍යාගාර හෝ ක්‍රීඩා පිටි ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදු නොකරේ.
  • අවශ්‍ය ආහාර, ජල බෝතල් ආදිය නිවසින් රැගෙන ආ යුතුය. ආහාර ගන්නා විට ඒවා තනි තනිවම ගත යුතුය. ආහාර පාර්සල් රැගෙන ඒම තහනම් වන අතර කෑම පෙට්ටියක රැගෙන ආ යුතුය.
  • නිතර අත් සේදීම අත්‍යාවශ්‍ය කරුණක් නිසා ඒ අවස්ථාවලදී අත් පිසදැමීමට අවශ්‍ය ටිෂු කඩදාසි කිහිපයක් රැගෙන ආ යුතුය.
  • කිසිදු විටෙක එක් අයෙක් භාවිතා කරනු ලබන වතුර බෝතල්, පෑන්, පොත්පත් ආදී ද්‍රව්‍ය කිසිවක් අන් අය සමග බෙදා හදා ගැනීම සිදු  නොකළ යුතුය.
  • නිවසින් රැගෙන එන සියළු දෑ පෞද්ගලිකව නිවසට රැගෙන යා යුතු බැවින් ඒ සඳහා සුදුසු කවරයක් භාවිතා කළ යුතුය.
  • මුඛ ආවරණ පැලඳීම සිදු කළ යුතු අතර අමතර මුඛ ආවරණයක් රැගෙන ආ යුතුය.

පාසල් කාලය තුළ අනුගමනය කළ යුතු කරුණු.
  • මුඛ ආවරණ පැළඳ පාසල් භූමියට ඇතුල් වන්න. හැකි සෑම විටම එය පැළඳ සිටිය යුතුය.
  • පාසලට ඇතුළුවීමට පෙර පාසල් ගේට්ටුව අසළ පිහිටුවා ඇති ජල කරාම වලින් හොඳින් අත් සෝදා ගන්න.
  • පළමු දිනයේදී ඔබට නියමිත පන්තිය පිළිබඳ පන්තිභාර ගුරුවරයාගෙන් දැනුවත් වී එම පන්ති කාමරයට පිවිසෙන්න. කිසිදු හේතුවක් මත එම පන්ති කාමර වෙනස් කළ නොහැක.
  • පන්ති පැවැත්වෙන්නේ මීට පෙර ඔබේ පන්තිය පවතින ස්ථානයේ නොවිය හැකි බැවින් පළමු දිනයේදී එය නිවැරදිව දැන ගෙන අදාළ ස්ථාන වෙත යොමු වන්න.
  • තම පන්ති කාමරයේ සිට වෙනත් පන්තිකාමරවලට යාම සිදු නොකළ යුතු අතර කණ්ඩායම් සෑදී සාකච්ජා කිරීම සිදු නොකළ යුතුය.
  • සියළු විෂයයන් ඉගැන්වීම පන්තිකාමර තුළ සිදු වන බැවින් ක්‍රීඩා පිටිය, විද්‍යාගාර හෝ පුස්තකාලය වැනි ස්ථානවලට යාම සිදු නොකළ යුතුය.
  • විවේක කාලය පන්ති භාර ගුරුවරයා හෝ එම මොහොතේ විෂය භාර ගුරුවරයා විසින් සුදුසු පරිදි ලබා දෙන අතර සියළු සිසුන්ට එකම මොහොතේ විවේක කාලය ලබා නොදේ.
  • කිසිදු හේතුවක් මත අනවසරයෙන් පන්ති කාමරයෙන් බැහැර නොවිය යුතු අතර අත්‍යාවශ්‍ය කරුණක් සඳහා ඒ මොහොතේ විෂය භාර ගුරුවරයා විමසන්න.
  • පන්ති කාමර තුළදී භාවිතා කර ඉවත දැමීමට සිදුවන මුඛ ආවරණ හා ටිෂු කඩදාසි ආදිය වෙනම බෑගයකට දමා තම බෑගය තුළම තබා  ගෙන නිවසට ගොස් බැහැර කරන්න.
  • පාසලෙන් පිටව යාමට පෙරද හොඳින් අත් සෝදා ගෙන පිටවන්න.

Friday, July 3, 2020

කොවිඩ් 19 වසංගතය නිසා පැවති නිවාඩුවෙන් පසු පාසල් අදියර වශයෙන් යළි විවෘත කිරීම.

ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයේ සෞඛ්‍යය ප්‍රවර්ධන කමිටුවේ විශේෂ පණිවිඩය

        2020 මාර්තු මාසයේදී ලබා දුන් දීර්ඝ  පාසල් නිවාඩුවෙන් පසු අදියර වශයෙන් පාසල් ආරම්භ වන අතර ඒ අනුව 2020 ජූලි 06 දින 11 හා 13 ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ වේ. කොවිඩ් 19 වසංගතය පාලිත තත්වයක් යටතේ පාසල් ආරම්භය සිදු වන නිසා නිරෝධායන නීති රීති හා සෞඛ්‍යය අංශවල උපදෙස් යටතේ සියළු කටයුතු සිදු වේ.
සෞඛ්‍යය උපදෙස් වලට අනුව පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම පසුගිය සතිය තුලදී සිදු විය.
මේ නිසා සාමාන්‍ය තත්වයන් යටතේ පාසල් ආරම්භ වන තත්වයක් නොවන බැවින් පහත සඳහන් කරුණු කෙරෙහි 11 හා 13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ගේ හා ඔවුන්ගේ දෙමාපියන්ගේ විශේෂ අවධානය යොමු කෙරේ.

පාසල් ආරම්භයට අදාළ පොදු කරුණු.
  • 2020 ජූලි 06 දින ආරම්භ වන්නේ 11 හා 13 ශ්‍රේණි පන්ති පමණි.
  • පාසල් පැවැත්වෙන කාලය පෙ.ව. 7.30 හා ප.ව. 3.30 වේ.
  • 11 ශ්‍රේණි සඳහා පැය 1 1/2 ක කාලච්ජේද හා 13 ශ්‍රේණි සඳහා පැය 2ක කාලච්ජේද ද පැවැත්වේ. 
  • විශේෂිත කාල සටහනකට අනුව විෂයයන් ඉගැන්වේ. (කාල සටහන මෙහි පළ කර ඇත.)
  • පාසල් ආපනශාලාව විිවෘතව නොමැත.
  • කාලච්ජේද අතරතුර විවේක කාලයන් 2ක් ලබා දේ. එය සෑම පන්තියකටම එකම මොහොතකදී ලබා නොදේ.
  • පන්තියකට සිසුන් 25 ක් වනසේ පන්ති වෙන් කර ඇත.
  • පුස්තකාලය, විද්‍යාගාර හෝ ක්‍රීඩා පිටි ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදු නොකරේ.
  • අවශ්‍ය ආහාර, ජල බෝතල් ආදිය නිවසින් රැගෙන ආ යුතුය. ආහාර ගන්නා විට ඒවා තනි තනිවම ගත යුතුය. ආහාර පාර්සල් රැගෙන ඒම තහනම් වන අතර කෑම පෙට්ටියක රැගෙන ආ යුතුය.
  • නිතර අත් සේදීම අත්‍යාවශ්‍ය කරුණක් නිසා ඒ අවස්ථාවලදී අත් පිසදැමීමට අවශ්‍ය ටිෂු කඩදාසි කිහිපයක් රැගෙන ආ යුතුය.
  • කිසිදු විටෙක එක් අයෙක් භාවිතා කරනු ලබන වතුර බෝතල්, පෑන්, පොත්පත් ආදී ද්‍රව්‍ය කිසිවක් අන් අය සමග බෙදා හදා ගැනීම සිදු  නොකළ යුතුය.
  • නිවසින් රැගෙන එන සියළු දෑ පෞද්ගලිකව නිවසට රැගෙන යා යුතු බැවින් ඒ සඳහා සුදුසු කවරයක් භාවිතා කළ යුතුය.
  • මුඛ ආවරණ පැලඳීම සිදු කළ යුතු අතර අමතර මුඛ ආවරණයක් රැගෙන ආ යුතුය.

පාසල් කාලය තුළ අනුගමනය කළ යුතු කරුණු.
  • මුඛ ආවරණ පැළඳ පාසල් භූමියට ඇතුල් වන්න. හැකි සෑම විටම එය පැළඳ සිටිය යුතුය.
  • පාසලට ඇතුළුවීමට පෙර පාසල් ගේට්ටුව අසළ පිහිටුවා ඇති ජල කරාම වලින් හොඳින් අත් සෝදා ගන්න.
  • පළමු දිනයේදී ඔබට නියමිත පන්තිය පිළිබඳ පන්තිභාර ගුරුවරයාගෙන් දැනුවත් වී එම පන්ති කාමරයට පිවිසෙන්න. කිසිදු හේතුවක් මත එම පන්ති කාමර වෙනස් කළ නොහැක.
  • පන්ති පැවැත්වෙන්නේ මීට පෙර ඔබේ පන්තිය පවතින ස්ථානයේ නොවිය හැකි බැවින් පළමු දිනයේදී එය නිවැරදිව දැන ගෙන අදාළ ස්ථාන වෙත යොමු වන්න.
  • තම පන්ති කාමරයේ සිට වෙනත් පන්තිකාමරවලට යාම සිදු නොකළ යුතු අතර කණ්ඩායම් සෑදී සාකච්ජා කිරීම සිදු නොකළ යුතුය.
  • සියළු විෂයයන් ඉගැන්වීම පන්තිකාමර තුළ සිදු වන බැවින් ක්‍රීඩා පිටිය, විද්‍යාගාර හෝ පුස්තකාලය වැනි ස්ථානවලට යාම සිදු නොකළ යුතුය.
  • විවේක කාලය පන්ති භාර ගුරුවරයා හෝ එම මොහොතේ විෂය භාර ගුරුවරයා විසින් සුදුසු පරිදි ලබා දෙන අතර සියළු සිසුන්ට එකම මොහොතේ විවේක කාලය ලබා නොදේ.
  • කිසිදු හේතුවක් මත අනවසරයෙන් පන්ති කාමරයෙන් බැහැර නොවිය යුතු අතර අත්‍යාවශ්‍ය කරුණක් සඳහා ඒ මොහොතේ විෂය භාර ගුරුවරයා විමසන්න.
  • පන්ති කාමර තුළදී භාවිතා කර ඉවත දැමීමට සිදුවන මුඛ ආවරණ හා ටිෂු කඩදාසි ආදිය වෙනම බෑගයකට දමා තම බෑගය තුළම තබා  ගෙන නිවසට ගොස් බැහැර කරන්න.
  • පාසලෙන් පිටව යාමට පෙරද හොඳින් අත් සෝදා ගෙන පිටවන්න.
මීට අමතරව පහත උපදෙස් කෙරෙහිද අවධානය යොමු කරන්න.

2020 ජූලි 06 සිට 11 ශ්‍රේණිය සඳහා කාල සටහන.