Thursday, April 9, 2020




 බ්ලොග් අඩවිය භාවිතයට උපදෙස්.

        විෂය භාර ගුරුවරුන් විසින් යොමු කරන මෙම පැවරුම් සිසුන් විසින් සම්පූර්ණ කළ යුතු අතර ඒවා   නිසි පරිදි විවෘත කර ගැනීමට අදාළ පැවරුමේ නම මත ක්ලික් කරන්න. එවිට එම ප්‍රශ්න පත්‍රය වෙනම පිටුවක විවෘත වේ. එය ඔබේ පරිගණකයේ හෝ ස්මාර්ට් දුරකථනයේ ගබඩා කර ගත හැකිය. මෙහිදී ඔබ පරිගණකයක් භාවිතා නොකරයි නම් දෙමාපිය සහයෝගය ලබා ගෙන ජංගම දුරකථනය හරහා පිවිස එම පැවරුම් එහි ගබඩා කර ගත හැකිය.  තවද ඔබට මෙම පැවරුම් මුද්‍රණය කිරීමේ හැකියාවක් ඇත්නම් එසේ මුද්‍රණය කර ඒවා භාවිතයෙන් අවශ්‍ය පිළිතුරු ලිවිය හැකිය. ඔබගේ පන්තියට අදාළ පැවරුම් භාගත කරගත් පසුව අන්තර්ජාල සබඳතාව විසන්ධි කළ හැකිය. පසුව  ගබඩා කර ගත් පැවරුම් විවෘත කර ගෙන ඒ තුළින් ප්‍රශ්ණ කියවා ඒවාට පිළිතුරු වෙනම කොළ වල ලියන්න. ඒ ඒ විෂයට අදාළව ලියන ලද පිළිතුරුපත් නිවාඩු කාලය අවසානයේදී පාසලට රැගෙන එන්න. 
හැකි නම් එම පිළිතුරුපත්වල පැහැදිලි ජායාරූප ඔබේ විෂය භාර ගුරුවරයා වෙත ඉ-තැපැල් කළ හැක. ඒ සඳහා අවශ්‍ය ඔබේ ගුරුවරුන්ගේ ඉ-තැපැල් ලිපින මෙහි පසුව පළ කෙරේ.
      මේ අතර පැවරුම් බ්ලොග් අඩවියට එක් කිරීම වරින් වර සිදුවන නිසා විසින් නිතර බ්ලොග් අඩවිය පරීක්ෂා කර තමාට නියමිත පැවරුම් තිබේදැයි හඳුනාගන්න.
   සමහර විෂයයන්වල මාර්ගගත ප්‍රශ්ණ පත්‍ර යොදා ඇති අතර ඒවාට පිළිතුරු සැපයීමට අන්තර්ජාල සබඳතාව තිබියදී පරිගණකය හරහාම කළ යුතු අතර ඒවාට පිළිතුරු කොළවල ලිවීම අවශ්‍ය නොවේ. ඒවායේ පිළිතුරු ස්වයංක්‍රියව ගුරුවරයාගේ ඉ තැපෑල වෙත යොමු වේ. ඒ සමගම ඔබට ඒවායේ නිවැරදි පිළිතුරු හා ලකුණුද ලබා ගැනීමට හැකි වේ.

    බ්ලොග් අඩවිය භාවිතය සම්බන්ධ යම් ගැටළුවක් වේ නම් හා ඔබේ අදහස් මේ වෙත දක්වන්න.
drnmpmmvonlineschool@gmail.com
   තවද මේ බ්ලොග් අඩවිය භාවිතා කරන සිසුන් මෙහි ඇති Follow අයිකනය මත ක්ලික් කර ඔබේ Gmail ගිණුමේ විස්තර ලබා දී මෙහි Follower කෙනෙකු බවට පත් වන්න. 

ඒ මගින් ඔබ මෙම බ්ලොග් අඩවිය භාවිතා කළ බවට තහවුරු කළ හැකි වනු ඇත.

- සංස්කාරක.
  H. මනෝජ් ධනංජය
(ICT විෂය භාර ගුරු, 
ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා ම.ම.වි.)
drnmpmmvonlineschool@gmail.com



No comments:

Post a Comment