Thursday, April 30, 2020

අ.පො.ස. උසස් පෙළ අයදුම්පත් කැඳවීම 2020 - 2022

*** (මීට පෙර ‍ මෙම පිටුවේ විස්තර දක්වා තිබුනේ තැපැල් මගින් අයදුම්පත් එවීම පිළිබඳව පමණි. මේ වන විට තැපැල් මගින් අයදුම්පත් යොමු කළ අය ඒ පිළිබඳව නැවත ක්‍රියාත්මක නොවිය යුතු අතර  පහත විස්තර කියවා අන්තර්ජාලය හරහා අයදුම්පත යොමු කිරීමට අවධානය යොමු කරන්න)

අ.පො.ස. උසස් පෙළ අයදුම්පත් කැඳවීම 2020 - 2022
(පාසල් හා බාහිර සියළු අයදුම්කරුවන් සඳහා)

      2019 වර්ෂයේ පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත අ.පො.ස. උසස් පෙළ පන්ති සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර ඇත. මේ වන විට ආචාර්ය ඇන්.ඇම්.පෙ‍රේරා මධ්‍ය මහා විද්‍යාලයේ කලා, වාණිජ, විද්‍යා, ගණිත හා තාක්ෂණ යන සියළු අංශවලින් ඉගැන්වීම් කටයුතු පවත්වනු ලැබේ.
     ඒ අනුව ආචාර්ය ඇන්.ඇම්.පෙ‍රේරා මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්වීමට අපේක්ෂා කරන සියළු දෙනා මෙහි දැක්වෙන ආකාරයට  අයදුම්පත්‍ර සම්පූර්ණ කර එවිය යුතුය. 

අයදුම්පත්‍ර යොමු කිරීම ආකාර දෙකකට සිදු කළ යුතුය.

1. අන්තර්ජාලය හරහා මාර්ගගතව යොමු කිරීම.
අන්තර්ජාලයට පිවිස පහත සබැඳිය ඔස්සේ ලබා ගන්නා අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර යොමු කරන්න.
           ( https://tinyurl.com/alonlineapply)

2. ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් යොමු කිරීම.

අයදුම්පත්‍රය යොමු කිරීමට පහත උපදෙස් අනුගමනය කරන්න.
  • මෙහි දක්වා ඇති අයදුම්පත්‍රය භාගත කරගන්න.
          අයදුම්පත්‍රය භාගත කර ගැනීම සඳහා ක්ලික් කරන්න.
           (https://tinyurl.com/al2022application)
  • එය A4 පිටුවල මුද්‍රණය කර පැහැදිලි අත්අකුරින් සම්පුර්ණ කරන්න.
  • ඔබගේ අයදුම්පත්‍රය ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් ලැබෙන්නට සලස්වන්න.
  • අයදුම්පත්‍රය සමග ඔබේ නම, ලිපිනය ලියූ රුපියල් 45 ක මුද්දර ඇලවූ ලියුම් කවරයක්ද යොමු කරන්න.

 (ලිපිනය - විදුහල්පති, කෑ/දෙහි/ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මධ්‍ය මහා විද්‍යාලය, යටියන්තොට)

  ලියුම් කවරය වම් ඉහළ කෙළවරේ "උසස් පෙළ අයදුම්පත්‍ර 2020" ලෙස හා ඔබේ විෂය ධාරාව දක්වන්න.
   

  

Wednesday, April 29, 2020

2019 අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විශ්ණලේෂණය


අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා විද්‍යාලයට විශිෂ්ඨ ප්‍රතිඵලයක්.....

     පසුගිය 2019 දෙසැම්බර් මාසයේ පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉතා විශිෂ්ඨ ප්‍රතිඵල අත්කර ගැනීමට ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. පසුගිය වසර කිහිපය පුරා අඛණ්ඩව වර්ධනය වන සමත් ප්‍රතිශතයක් වාර්තා කළ අතර මෙවර එය තවත් ඉහළ අගයක් දක්වා වාර්තා කර ඇත. 
මෙවර ප්‍රතිඵලයේ පහත සුවිශේෂිතා දැක ගත හැකිය.

  • 90% ක ඉතා ඉහළ සමත් ප්‍රතිශතයක්.
  • විෂයයන් රැසක සමත් ප්‍රතිශතය 100% ක්.
  • අනෙකුත් සෑම විෂයයකම සමත් ප්‍රතිශතය 75% ඉක්මවයි.
  • A 9 වාර්තා කළ සිසුන් තිදෙනෙක්.
ඒ අනුව එක් එක් විෂයයන් සඳහා ලබාගෙන ඇති ප්‍රතිඵලයන් පහත පරිදි වේ. 

2019 අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විශ්ණලේෂණය
විභාගය සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව             -                201
උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව  -               181
උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිශතය         -               90.04%



(විෂයයන්වල ප්‍රතිඵල විශ්ලේෂණ වාර්තා සම්පාදනය සහකාර විදුහල්පති නිහාල් ගුණවර්ධන මහතා)

     මෙම විශිෂ්ඨ ප්‍රතිඵල වාර්තා කිරීමට දායක වූ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියළු දෙනාත් කැපවීමෙන් තම කටයුතු සම්පූර්ණ කළ දරු දැරියන්ද මේ මොහොතේ සිහිපත් කළ යුතුය.
(මේ සතුටුදායක මොහාතේ පාසල් විවෘතව නොතිබුණත් ඔබගේ සුබ පැතුම ඔබේ නමත් සමගම කමෙන්ටුවක් ලෙස දක්වන්න)

Tuesday, April 28, 2020

අ.පෙ‍ා.ස. සාමාන්‍ය පෙළ - 2019

අ.පෙ‍ා.ස. සාමාන්‍ය පෙළ - 2019 විභාගයෙන් විද්‍යාලය මෙවර වාර්තාගත ‍ඉහළ ප්‍රතිඵලයක් වාර්තා කරයි.

පහත පිටුවලට ප්‍රවේශ වන්න... 

Monday, April 27, 2020

අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ඨයෝ 2019



අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ඨයෝ 2019
      
           2019 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද දින නිකුත් විය. එම ප්‍රතිඵල අනුව ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයේ  සියළු විෂයයන් සඳහා A සාමාර්ථ ලබාගත් විශිෂ්ඨයන් ඇතුළු සියළු සමතුන්ට ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්.
                    
                   නම                                      ප්‍රතිඵලය

(01) H.H. දිනුෂ්ක මධුෂාන් විජේසූරිය         - A 9    

(02) H. කෝසල ගයාෂාන් සමරසුන්දර        - A 9

(03) W.J.P. දුල්‍යා නිම්නාදී ජයසූරිය            - A 9






Friday, April 24, 2020

විශේෂ පුවත් - ඔබට වැදගත් වෙබ් අඩවි

ඔබට වැදගත් තවත් වෙබ් අඩවි කිහිපයක්. 

ඔබට හැකි පරිදි පහත වෙබ් අඩවි වලින්ද දැනුම ලබා ගත හැක.

මේ පිටුවලටත් පිවිසෙන්න.....

විශේෂ පුවත්

විශේෂ පුවත්

    * අ.පො.ස. උසස් පෙළ පන්ති 2020 - 2022 අයදුම්පත් කැඳවයි...

    * අ.පො.ස. සාමාන්‍ය පෙළ 2019 ප්‍රතිඵල විශ්ලේෂණය...

    * අ.පො.ස. සාමාන්‍ය පෙළ 2019 විශිෂ්ඨයෝ...

(01) රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන් සත්කාරය

(02)  GIT Online exam


(03)  අකුරු කරන නිවාඩුවෙන් රටක් වටින පොතක්


(04)  සෙෘභාග්‍යා ගෙවතු වගා ව්‍යාපෘතිය


(05)  තොරතුරු තාක්ෂණ තරගාවලිය 2020




විශේෂ පුවත් - සෙෘභාග්‍යා ගෙවතු වගා ව්‍යාපෘතිය


ජාතියේ ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් එක්වෙමු.
හෙට වෙනුවෙන් අද වවමු.
ගෙවතු දශ ලක්ෂයක් වගාකිරීමේ ජාතික සංග්‍රාමය.
      ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් දරුවන්ද මේ සඳහා යොමු කිරීමට තීරණය කර ඇත. මේ අනුව ඔබේ නිවසේ වැඩිහිටියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වන ගෙවතු වගා සඳහා පාසල් දරුවන් වන ඔබද හැකි උපරිම දායකත්වය ලබා දිය යුතුය. මෙහිදී බාලදක්ෂ ව්‍යාපාරයේ නිරත දරුවන්, පරිසර නියමු භට ශිෂ්‍යයන් හා ශීෂ්‍යභට කණ්ඩායම් වල යෙදෙන දරුවන් යන අය ඔවුනගේ ව්‍යාපෘතිවල ගෙවතු වගා සංකල්පය ඇතුළත්ව ඇති නිසා මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ යුතුය. අනෙකුත් දරුවන්ද නිවසේ ගත කරන කාලය ඵලදායී කර ගැනීම සඳහා මේ කටයුත්තට මුල් තැනක් ලබා දිය යුතුය.

වැඩි විස්තර සඳහා - http://saubagya.lk/

විශේෂ පුවත් - GIT Online exam

GIT Online exam

      2020 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාගය ඉදිරි කාලයේදෘ පැවැත්වීමට නියමිත අතර එම විභාගයට අදාළ පෙරහුරු පරීක්ෂණයට දැන් අන්තර්ජාලය ඔස්සේ ඔබට පෙනී සිටිය හැක. 12 හා 13 ශ්‍රේණිවල සිසුන් මෙය උත්සාහ කර බලන්න. 10 හා 11 ශ්‍රේණිවල තොරතුරු තාක්ෂණ විෂය හදාරණ සිසුන්ටද තම දැනුම වැඩි කර ගැනීම සඳහා මෙය උත්සාහ කර බලන්න. 

මුලින්ම පහත පිටුවට පිවිසෙන්න.

පසුව දී ඇති උපදෙස් පරිදි අවශ්‍ය තොරතුරු ලබා දී ලියාපදිංචි වී username, password නිර්මාණය කර ගන්න. 

ඉන් පසු ඒවා ඇතුළත් කර විභාග ප්‍රශ්ණ පත්‍රය ලබා ගන්න.

විශේෂ පුවත් - ICT තරගාවලිය

ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය - 2020



ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය - 2020
ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරගාවලිය (NSSC)
ලියාපදිංචි වීම
පහත ආකාර දෙකෙන් එක් ආකාරයකට ලියාපදිංචි වීම සිදු කළ හැක.
  1. මාර්ගගතව (online) ලියාපදිංචි වීම සඳහා මෙම සන්ධානය වෙත පිවි‍සෙන්න
                                      හෝ
  1. තැපැල් මාර්ගයෙන් ලියාපදිංචි වීම සඳහා පහත අයදුම්පත භාවිතා කරන්න.

තරුණ පරිගණක විද්‍යාඥයින්ගේ තරගාවලිය - (YCS)
ලියාපදිංචි වීම
පහත ආකාර දෙකෙන් එක් ආකාරයකට ලියාපදිංචි වීම සිදු කළ හැක.
  1. මාර්ගගතව (online) ලියාපදිංචි වීම සඳහා මෙම සන්ධානය වෙත පිවිසෙන්න
                           හෝ
  1. තැපැල් මාර්ගයෙන් ලියාපදිංචි වීම සඳහා පහත අයදුම්පත භාවිතා කරන්න.

නිර්මාණ ඉදිරිපත් කිරීම
නිර්මාණ සහිත සංයුක්ත තැටිය සමඟ පහත අයදුම්පත පුරවා එවිය යුතුය.

ගුරුවරුන් සඳහා වන නිර්මාණාත්මක ගුරුවරු තරගය
ලියාපදිංචි වීම
පහත ආකාර දෙකෙන් එක් ආකාරයකට ලියාපදිංචි වීම සිදු කළ හැක.
  1. මාර්ගගතව (online) ලියාපදිංචි වීම සඳහා මෙම සන්ධානය වෙත පිවිසෙන්න
                 හෝ

  1. තැපැල් මාර්ගයෙන් ලියාපදිංචි වීම සඳහා පහත අයදුම්පත භාවිතා කරන්න.
නිර්මාණ ඉදිරිපත් කිරීම
නිර්මාණ සහිත සංයුක්ත තැටිය සමඟ පහත අයදුම්පත පුරවා එවිය යුතුය.

අධ්‍යාපන විද්‍යාපීඨ ගුරු සිසුන් සඳහා වන නිර්මාණාත්මක ගුරුවරු තරගය
ලියාපදිංචි වීම
පහත ආකාර දෙකෙන් එක් ආකාරයකට ලියාපදිංචි වීම සිදු කළ හැක.
  1. මාර්ගගතව (online) ලියාපදිංචි වීම සඳහා මෙම සන්ධානය වෙත පිවිසෙන්න
                 හෝ
  1. තැපැල් මාර්ගයෙන් ලියාපදිංචි වීම සඳහා පහත අයදුම්පත භාවිතා කරන්න.

නිර්මාණ ඉදිරිපත් කිරීම
නිර්මාණ සහිත සංයුක්ත තැටිය සමඟ පහත අයදුම්පත පුරවා එවිය යුතුය.

ලියාපදිංචි වීමේ අවසන් දිනය  - 2020.05.30
නිර්මාණ ඉදිරිපත් ඉදිරිපත් කළ යුතු අවසන් දිනය  - 2020.06.30

ලියාපදිංචි වීම/ නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා -
අධ්‍යක්ෂ
තොරතුරු හා සන්නිවේදන  තාක්ෂණ ශාඛව,
අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල

විශේෂ පුවත් - අකුරු කරන නිවාඩුවෙන් රටක් වටින පොතක්

අකුරු කරන නිවාඩුවෙන් රටක් වටින පොතක්

         
      වර්තමානයේ ලොව පුරා පැතිර යන COVID 19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් මෙරට 43 ලක්ෂයකට ආසන්න පාසැල් දූදරුවන් තම නිවෙස්වලට වී කාලය ගත කරති.එම දරුදැරියන් තුළ චිත්ත ශක්තිය, නිර්මාණ ශක්තිය හා අභියෝග ජය ගැනීමේ ශක්තිය වර්ධනය කිරීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය හා එක්ව සිදුකරන පොත් 10,000 ලිවීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් දියත්කර ඇත. 
 
ආදරණීය පාසල් දුවා දරුවන් වර්තමානයේ ලෝකයේ පැතිර යන අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් නිවෙස් තුළට වී කාලය ගත කරයි. පොතපත කියවීමෙන් මෙම කාලය තුළ තම දැනුම වර්ධනය කර ගැනීමට දරුවන්ට සිදුව ඇත. පොත් කියවන දරුවන්ට තවත් කාර්යයක් කිරීමට අප ආරාධනය කරමු. ඒ පොත් ලිවීමටයි. මේ ව්‍යසනය අතරතුර ඔබගේ නිසඟ හැකියාවන් ඔප්නංවා ගැනීමට පෙළ ගැසෙමු. ලියන්නට පටන් ගනිමු. ඔබ ලියන ලද පොත් ඔබේ පාසල ආරම්භ කළ පසු ගුරුවරුන් ලවා යළිත් සංශෝධනය කරවාගෙන විදුහල්පතිතුමා හෝ තුමිය මගින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා හෝ තුමිය වෙත යැවිය යුතුය. කලාප අධ්‍යක්ෂ එම පොත් වලින් හොඳම පොත් තෝරා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යැවිය යුතු අතර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම පොත්වලින් තෝරාගත් හොඳම පොත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවනු ඇත. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය හොඳම පොත් දස දහසක් ප්‍රකාශයට පත් කරනු ඇත. සෑම පාසලක්ම  එක් පොතක්වත් ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙය තරගයක් ආකාරයට පැවැත්වේ. මේ මගින් ඔබට ළමා කතුවරුන් බවට පත්විය හැකිය.  එසේම ඔබට රාජ්‍ය සම්මාන ද හිමි වනු ඇත.
 
ඔබ 1 වසරේ සිට 13 වසර දක්වා රජයේ හෝ ජාත්‍යන්තර  පාසැලක ඉගෙන ගන්නා දරුවෙක් නම් COVID -19 තත්ත්වය හේතුවෙන් ලබා දී ඇති නිවාඩු කාලය තුළ මෙම තරගය වෙනුවෙන් ග්‍රන්ථයක් ‍රචනා කළ හැකයි. මේ සදහා වන  නීති රීති, නිර්ණායක පහත දැක්වේ.
 
නිර්ණායක
 
1. වයස් කාණ්ඩ : 1 වසරේ සිට 13 වසර දක්වා 
        
2. සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි ‍යන භාෂා  ත්‍රිත්වයෙන්ම ග්‍රන්ථකරණයේ යෙදීමට හැකිය. 
 
3. පොත් වර්ග (ශානර)
       ළමා කතන්දර
       පද්‍ය රචනා
       යොවුන් සාහිත්‍ය කෘති
       කෙටිකතා
       නවකතා
       නාට්‍ය රචනා
       පරිවර්තන
       ඓතිහාසික කතා
       මායා කතා
       මිථ්‍යා කතා
       අභිරහස් කතා
       උපමා කතා
       ජන කතා
       විද්‍යා ප්‍රබන්ධ
       පරිසර විත්ති
       චරිතාපදාන
       ස්වයංචරිතාපදාන
       සුරංගනා කතා
       අතිශයෝක්ති කතා
       ආගමික කතා
       වීර කතා
       විෂයානුබද්ධ පොත්
       පුරාවෘත්ත
       මිශ්‍ර යන ඕනෑම කාණ්ඩයකින් එකක් තෝරා ගත හැකිය.
 
5.  කෙටිකතා සංග්‍රහයක් නම්, අවම වශයෙන් කෙටි කතා 5 ක් ඇතුළත් විය යුතුය.
 
6. පද්‍ය සංග්‍රහයක් නම් පද්‍ය 20 කට වැඩි 50 කට නොවැඩි විය යුතුය.
 
7. නවකතාවක් නම්, පරිගණකගත කළ පසු A5 පිටු අවම වශයෙන්  පටු 120 ක් පැවතිය යුතුය.
 
8. ළමා කතන්දර පොතක පිටු 16 ක් වත් තිබිය යුතුයි. අනිකුත් පොත්වල පිටු ගණන 49 ට වැඩි හා 150ට අඩු විය යුතුයි.
 
9. දහවන ශ්‍රේණිය දක්වා ඉගෙන ගන්නා දූ පුතුන්ට ළමා කතන්දර ලියා එවිය හැකිය. මෙම ළමා කතන්දර පොත් වර්ණ පිටු හා චිත්‍ර සහිත විය හැකිය.
 
10. සෑම පොතක්ම A4 කඩදාසිවල ලිවිය යුතුයි.
 
11. සෑම පොතක් ම පරිගණක යතුරු ලියනය කර තිබිය යුතුයි.
 
12. සෑම පොතක්ම දෘඩ පිටපතක් හා මෘදු පිටපතකින් යුක්ත විය යුතුය.
 
13. ඡායාරූප ඇත්නම් හැකි සෑම විටම  ඒවා කළු සුදු ඡායාරූප 
විය යුතුයි. වර්ණ ඡායාරූප 4 colours විය යුතුයි. ඡායාරූප දක්වා ඇති අවස්ථාවල කිසිදු පුද්ගලයකු පෞද්ගලික ව හඳුනා ගැනීමට නොහැකි වන ආකාරයේ ඡායාරූප පමණක් එකතු කළ යුතුය. (ඡායාරූපවල මුහුණ ප්‍රදේශ අඳුරු කළ යුතුය.)
 
14. සත්‍ය නම් ගම් සහිතව රචනා නොකළ යුතුය. සියලු නම් ගම් මනඃකල්පිත විය යුතුය.
 
15. ළමා කතන්දර වල පරිගණක අකුරු ප්‍රමාණය 14 විය යුතුයි. අනෙක් පොත්වල අකුරු ප්‍රමාණය 12 විය යුතුයි. පේළි අතර පරතරය 1.5 ක් විය යුතුය.
 
16. මාතෘකාවක් හා පේළිය අතර පරතරය පරිගණක පුවරුවට අනුව 2 ක් විය යුතුය.
 
17. ලියනු ලබන පිටුවක වට ඉඩ ප්‍රමාණය පහත පරිදි විය යුතුය. වම් අත අඟල් 1.5 ක ඉඩක් ද, ඉතිරි තුන් පැත්ත අඟල  බැගින් ඉඩක් ද තබා ලිවිය යුතුය. (පරිගණක ආශ්‍රයෙන් බව සලකන්න)
 
18. අකුරු වර්ගය iskolepotha විය යුතුය.
 
19.  පිට කවරය වර්ණ ඡායාරූප වලින් හෝ චිත්‍ර වලින් සැකසිය හැකිය.
 
20. කවි පොත් චිත්‍ර සහිත හෝ රහිත විය හැකිය. එහෙත් ඒවා පරිගණක phlip art නොවිය යුතුය.
 
21. දෘඩ පිටපත් wire binding මගින් අමුණා තිබිය යුතුය. මෘදු පිටපත් (CD) සංයුක්ත තැටි මගින් ඉදිරිපත් කළ යුතු අතර පලාත් කාර්යාලය මගින් තෝරාගනු ලබන පොත් වල මෘදු පිටපත පහත දක්වන විද්‍යුත් තැපෑලට pdf ලියවිල්ලක් ආකාරයට එවිය හැකිය.
 
22. පාසල මගින් ඉදිරිපත් කරනු ලබන සියලු පිටපත්වල මෘදු පිටපත කලාප කාර්යාලය වෙත විද්‍යුත් තැපෑලෙන් ද යැවිය හැකිය.
 
23. වෙනත් අයකු පළකර ඇති කිසිදු කරුණක් අවසරයකින් තොරව පළ නොකළ යුතුය. වෙනත් අයෙකුගේ නිර්මාණයක් ඉදිරිපත් නොකළ යුතුය.
 
24. 11 සිට 13 ශ්‍රේණි කාණ්ඩය සඳහා විෂයානුබද්ධ පොත්, ව්‍යාපෘති හෝ පර්යේෂණ ද ඉදිරිපත් කළ හැකිය. 
 
25. එවැනි පොත් පත් ඉදිරිපත් කරන දරුවන් සඳහා පහත 26 සිට29 දක්වා වන නිර්ණායක අනුගමනය කළ යුතුය.
 
26. විෂය කරුණු සහිත පොත් සඳහා පැහැදිලි කිරීම් අවශ්‍යම අවස්ථාවල පමණක් ඡායාරූප හා චිත්‍ර ඇතුළත් කළ හැකිය.
 
27. එම කාණ්ඩයේ ඉදිරිපත් කරනු ලබන පොත්පත් අතර ව්‍යාපෘති හෝ පර්යේෂණ ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා ද ඔබට අවසර ලැබේ. ඒ සඳහා වන ආචාර ධර්ම ඔබ විසින් පිළිපැදිය යුතුය.
 
28. උපුටා ගැනීම් දැක්විය යුතුය. ඒ සඳහා ආශ්‍රිත ග්‍රන්ථ නාම ලේඛනයක් ඇමිණිය යුතුය. ආශිත ග්‍රන්ථ පළකිරීම APA ක්‍රමය හෝ Hawerd ක්‍රමය යන දෙකෙන් එකක් භාවිතා කර සිදු කළ යුතුය.
 
ඔබට අවශ්‍ය නම් පහත උදාහරණය බලන්න.
කතුවරයාගේ නම _ පී තේනබදු
වර්ෂය - 1959
පොතේ නම - සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය
ප්‍රකාශකයා - කොළඹ ඇපොතිකරීස් සමාගම
ප්‍රකාශිත නගරය - කොළඹ.
මෙම තොරතුරු ආශ්‍රිත ග්‍රන්ථ නාම  ලේඛනයක සඳහන් කරන්නේ මෙසේය. තේනබදු, පී . (1959 ). සිංහල රචනය හා      සාහිත්‍ය රසාස්වාදය. කොළඹ : ඇපොතිකරීස්. යන ආකාරයට ය.
 
29. වෙනත් ඇමිණුම් දක්වන විට එම ඇමිණුම් වලට අංකයක් ලබාදෙන්න. අංක පිළිවෙළට ඇමිණුම් එකතු කරන්න. එම ඇමිණුම් අංක අවශ්‍ය අවස්ථාවල විමසා බැලීම සඳහා සුදුසු පරිදි සංවිධානාත්මකව පොතෙහි පැහැදිලිව ඉදිරිපත් කරන්න.
 
30. පොතේ පිටු පිළිවෙල කිරීම පහත පරිදි සිදු කරන්න.
 
1. මුල් පිටුව (මාතෘකාව හා කතුවරයාගේ නම මුල්පිටුවේ චිත්‍රය සමග තිබිය හැකියි.) 
 
2. දෙවන මුල් පිටුව - ඝන පිට කවරය ට අමතරව එවැනිම මුල් පිටුවක් සකස් කරන්න. (පොතේ නම, කතුවරයාගේ නම, ප්‍රකාශකයාගේ නම සහිතව)
 
3. පිදුම - ඔබට අවශ්‍ය අයෙකුට පොත පිදිය හැකිය. "මගේ මෙම පොත ................වෙත ඉතා ආදරෙන් පුදකරමි" වැනි වැකියක් යොදා ගත හැකිය.
 
4. ස්තුතිය - මෙම පොත එළිදැක්වීමට ඔබට උපකාර කළ අයට ස්තූතිය පළ කිරීමට යොදාගැනේ. (A -4 පිටුවකට සීමා විය යුතුය.)
 
5. පෙරවදන - පොත හා කතුවරයා පිළිබඳ ලියන ලද විස්තරයකි. 
(A 4 පිටු දෙකකට වඩා යොදා නොගැනීමට වගබලා ගතයුතුය.)
 
6. පටුන - ප්‍රධාන මාතෘකා අනුමාතෘකා පිටු අංක සහිතව දැක්විය යුතුය. (ළමා කතන්දර පොත් සඳහා අදාල නොවේ.)
 
මේ දක්වා පිටු අංක කිරීම රෝම ඉලක්කම් වලින් කළ යුතුය. ඉන්පසුව අරාබි ඉලක්කම් වලින් පිටු අංක කරන්න.
 
7. පරිච්ඡේද හෝ කොටස් -  පළමු පරිච්ඡේදයේ හෝ කොටසේ සිට අවසානය දක්වා පරිච්ඡේද හෝ කොටස් වෙන් වශයෙන් තිබිය යුතුය. පරිච්ඡේද හෝ කොටස්වල අනුපිළිවෙලක් තිබිය යුතුය. එය ඔබේ පොතෙහි ක්‍රමානුකූල ගලායාම පැහැදිලි කරනු ඇත.
 
පොදු නිර්නායක
 
? මැයි මස 28 වන දිනට පෙර ග්‍රන්ථකරණය නිම කළ යුතුය.
 
?පාසැලේ කමිටුවක් මගින් හොඳම ග්‍රන්ථය තෝරා කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ජුනි මස 10 වෙනිදාට පෙර බාරදිය යුතුය.
 
? කලාප අධ්‍යාපන කාර්යාල මගින් ජුනි මස 15 දිනට ප්‍රථම සියලු ග්‍රන්ථ පළාත් අධ්‍යාපන කාර්යාල වෙත ලබා දිය යුතුය
 
?ජුනි මස 25වන දින වනවිට පළාත් අධ්‍යාපන කාර්යාල විසින් එම ග්‍රන්ථ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවිය යුතුය.
 
?ප්‍රථම අදියරේ දී තෝරා ගන්නා ග්‍රන්ථ 10,000 විද්‍යුත් ග්‍රන්ථ බවට පත් වී විද්‍යුත් පුස්තකාලයට ඇතුළත් කරනු ලැබේ.
 
?සුදුසුකම් ලත් නිර්දේශ කමිටුවක් මගින් හොඳම ග්‍රන්ථ 100 තෝරාගෙන මුද්‍රණය කර රාජ්‍ය සම්මාන පිරිනමනු ලැබේ. මෙම පොත් මුද්‍රණය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය එක්ව කටයුතු කරනු ලැබේ.
 
මෙම සම්පූර්ණ කාර්ය සම්බන්ධීකරණය කරනු ලබන්නේද අධ්‍යපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය මගිනි. 

වැඩි විස්තර සඳහා - යොමු වන්න.

විශේෂ පුවත් - රූපවාහිනී අධ්‍යාපන නාලිකාව ඇරඹෙයි.


 රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන් සත්කාරය.

          ''ගුරු ගෙදර- හැදෙන අපි - හදන තැන'' නව රූපවාහිනී අධ්‍යාපන නාලිකාව ඇරඹෙයි.
        ශ්‍රී ලාංකීය පාසල් සිසු දරුදැරියන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට ශක්තිමත් පිටුබලයක් සපයමින්, හැදෙන අපි හදන තැන තේමාවෙන් ඉදිරිපත් කෙරෙන ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාව අප්‍රේල් 20 වනදා වන අද සිට විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පුර්ණ ආශිර්වාදය හා මගපෙන්වීම යටතේ අධ්‍යාපන ,ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සංකල්පයක් අනුව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ද සහයෝගයෙන් ජාතික රූපවාහිනී සංස්ථාවේ මාධ්‍ය දායකත්වයෙන් ගුරුගෙදර අධ්‍යාපන නාලිකාව ක්‍රියාවට නැංවෙයි.
   අප්‍රේල් මස 20 වනදා පෙරවරු 8.00 සිට රාත්‍රී 7.00 දක්වා ද රාත්‍රී 10.00 සිට 12.00 දක්වා ද ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් සමඟ එක්වීමේ අවස්ථාව සිසු දරුදැරියන්ට
හිමිවේ. වැඩසටහන් සමාරම්භක දිනයෙන් පසු එනම් අප්‍රේල් 21 දා සිට සෑම දිනකම පෙරවරු 4 සිට අධ්‍යාපන විකාශය ආරම්භ කෙරේ.
මේ යටතේ උසස් පෙළ කලා විෂය ධාරාව සඳහා සිංහල, දෙමළ, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, බෞද්ධ සංස්කෘතිය යන විෂයයන් ද, වාණිජ විෂය ධාරාව සඳහා ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව යන විෂයයන් ද, විද්‍යා සහ ගණිත විෂය ධාරාව සඳහා සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව යන විෂයයන් ද, තාක්ෂණ විෂය ධාරාව සඳහා තාක්ෂණය සඳහා විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණය, කෘෂිකර්මය සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයයන් ද ආවරණය කෙරේ.
සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සිංහල, දෙමළ, ඉංග්රීවසි, ගණිතය, විද්‍යාව සහ ඉතිහාසය යන විෂයන් ආවරණය කිරීමට නියමිත අතර, සෑම විෂයක් සඳහා ම සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා විෂයට අදාළ ආචාර්යවරුන් සම්බන්ධ වන සාකච්ඡාමය වැඩසටහන් ද පැවැත්වීමට නියමිතය. ගුරු ගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාවේ අධ්‍යාපන වැඩසටහන් සඳහා තාක්ෂණ හා සංවර්ධන සහාය ලබාදීමට ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ආයතනය, ධර්මවාහිනි ආයතනය, සහ ඪ්ඵ් අධ්‍යාපන ආයතනය අධ්යා පන අමාත්‍යාංශය සමඟ එක්ව සිටි. අධ්‍යාපන අමාත්‍යාංශයට අමතරව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසම මගින් ද සෑම දිනකම රාත්‍රී 10.00 සිට අධ්‍යාපනික වැඩසටහන් විකාශනය කිරීමට අපේක්ෂිතය.


නවතම කාල සටහන ලබා ගැනීමට - http://www.channeleye.lk/rupavahini-tv-schedule