Wednesday, November 25, 2020

online classes

 විද්‍යාලයීය දුරස්ථ ඉගෙනුම් ඒකකයේ Online පන්ති ආරම්භය.

      පවතින වාතාවරණය හමුවේ සියළු පන්තිවල දරුවන් පාසලට ගෙන්වා ගත නොහැකි නිසා නිවසේ රැදී සිටීමට වන දරුවන් වෙනුවෙන් අන්තර්ජාලය හරහා පාඩම් මාලා පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ සදහා හැකි සෑම දරුවෙක්ම සහභාගිවීමට කටයුතු කරන්න.

    ඒ ඒ දිනවල පන්ති කාල සටහන මෙහි පළ කරන අතර ඒ අනුව පන්ති සදහා සහභාගි වන්න. අන්තර්ජාල පහසුකම් හා අදාළ අනෙකුත් උපකරණ නොමැති දරුවන් සදහා එම පාඩම් පාසලේදී සම්පූර්ණ කිරීමට උත්සාහ කරනු ඇත.

පාඩම්වලට සහභාගි වන ආකාරය පහත වීඩියෝ ඇසුරෙන් අධ්‍යයනය කරන්න.

පරිගණකයක් හරහා සම්බන්ධ වන අයුරු,


https://youtu.be/oyO5uh_joz8

ස්මාර්ට් දුරකථනයක් හරහා සම්බන්ධ වන අයුරු,

https://youtu.be/AzPXfbXEUyM

ඒ ඒ දිනවල කාලසටහන පහත පරිදි වේ.

2020/12/11 සිකුරාදා

2020/12/10 බ්‍රහස්පතින්දා

2020/12/09 බදාදා

2020/12/08 අගහරුවාදා


2020/11/25 බදාදා

   

2020/11/26 බ්‍රහස්පතින්දා





2020/12/07 සදුදා



Monday, November 23, 2020

විශේෂ කාලසටහන 2020 නොවැම්බර්

 2020 නොවැම්බර් 23 - 27 දක්වා පාසලේ පන්ති පැවැත්වීම පිළිබඳ කාලසටහන

    2020 නොවැම්බර් 23 දින සිට 27 දක්වා විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සදහා සෑම ශ්‍රේණියක්ම කැදවන්නේ නැති අතර පහත කාල සටහනේ පරිදි ඉගැන්වීම් කටයුතු සදහා ශ්‍රේණි කැදවනු ලැබේ.


ඉදිරි සතිවල විස්තර පසුව ලබා දෙනු ඇත.

2020/11/24 අඟහරුවාදා දින 11 ශ්‍රේණිය සඳහා පළමු කණ්ඩායමට ඉතිහාසය විෂයය සඳහා විෂය සම්මන්ත්‍රණයක් පැවැත්වෙන අතර දෙවන කණ්ඩායම සඳහා අඟහරුවාදා දිනට අදාළ කාලසටහන ඉගැන්වේ. පළමු කණ්ඩායමට අයත් දරුවන් 10 ශ්‍රේණිය ඉතිහාසය පෙළ පොත හා සටහන් පොතද රැගෙන එන්න.

සියළු සිසු දරු දැරියන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසලට පැමි⁣⁣ණෙන්න.



Sunday, November 22, 2020

2020 තෙවන පාසල් වාරය නැවත පාසල් ආරම්භය

 2020/11/23 දින පාසල් ආරම්භය සම්බන්ධ විශේෂ නිවේදනය.

 2020 තෙවන පාසල් වාරය සදහා පාසල් ආරම්භය 2020/11/23 දින සිදුවන අතර එහිදි එදින අප පාසලේ ආරම්භ වන්නේ පහත සදහන් ශ්‍රේණි සදහා පමණි.

  • 06 ශ්‍රේණිය
  • 11 ශ්‍රේණිය
  • 12 ශ්‍රේණිය
  • 13 ශ්‍රේණිය
    ඉදිරි දිනවලදී පාසල පැවැත්වෙන ශ්‍රේණි සම්බන්ධව ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ. පසුගිය පළමුවර කො‍රෝනා වසංගත තත්වයෙන් පසු පාසල් නැවත ආරම්භ කළ කාලයේ ඔබ පාසලට පැමිණීමේදී සෞඛ්‍යාරක්ෂිතව පැමිණි ආකාරයට පාසලට පැමිණීමට හා පාසල තුලදී සෞඛ්‍යාරක්ෂිතව සිටීමට අවශ්‍ය කටයුතු කරන්න.


Monday, November 16, 2020

ICT Video Lessons Grade 11

  ICT වීඩියෝ පාඩම් මාලාව - 11 ශ්‍රේණිය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරණ දරුවන් වෙනුවෙන් වීඩියෝ පාඩම් මාලාවක් තොරතුරු තාක්ෂණ ගුරුභවතා විසින් නිකුත් කර ඇති අතර ඒවා නරඹා ඔබේ පාඩම් සම්පූර්ණ කර ගැනීමට උත්සාහ කරන්න. ඔබට ඇති ගැටළු ගුරුභවතා වෙත යොමු කර විසදුම් ලබා ගන්න.

11 ශ්‍රේණිය සදහා පහත පරිදි පාඩම් වෙත යොමු වන්න.

6 - 9 ශ්‍රේණි සදහා ඉදිරියේදී පාඩම් නිකුත් කිරීමට නියමිතය.

  • වීඩියෝ පාඩම් හැදින්වීම.

https://www.youtube.com/watch?v=pBsjOUPD8YI&t=22s



11 ශ්‍රේණිය.

03 ඒකකය - 

අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල - 01 කොටස.

https://www.youtube.com/watch?v=WJOLiEBNRcQ&t=4811s


අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල - 02 කොටස.

https://www.youtube.com/watch?v=eJYKcHPaK0Y


02 ඒකකය - 

තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය - 02 කොටස.

https://www.youtube.com/watch?v=WXGUnfxn7_k



තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය - 03 කොටස.

https://www.youtube.com/watch?v=lxs95uZ17iA


04 ඒකකයේ වීඩියෝ මාලාව බලාපොරොත්තු වන්න.

ICT Video Lessons Grade 10

 ICT වීඩියෝ පාඩම් මාලාව - 10 ශ්‍රේණිය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරණ දරුවන් වෙනුවෙන් වීඩියෝ පාඩම් මාලාවක් තොරතුරු තාක්ෂණ ගුරුභවතා විසින් නිකුත් කර ඇති අතර ඒවා නරඹා ඔබේ පාඩම් සම්පූර්ණ කර ගැනීමට උත්සාහ කරන්න. ඔබට ඇති ගැටළු ගුරුභවතා වෙත යොමු කර විසදුම් ලබා ගන්න.

10 ශ්‍රේණිය සදහා පහත පරිදි පාඩම් වෙත යොමු වන්න.

6 - 9 ශ්‍රේණි සදහා ඉදිරියේදී පාඩම් නිකුත් කිරීමට නියමිතය.

  • වීඩියෝ පාඩම් හැදින්වීම.

https://www.youtube.com/watch?v=pBsjOUPD8YI&t=22s



10 ශ්‍රේණිය.

04 ඒකකය - 

තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය - 01 කොටස.

https://www.youtube.com/watch?v=VIKaDivKvfA&t=2162s



තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය - 02 කොටස.


05 ඒකකය

 මෙහෙයුම් පද්ධති - 01 කොටස

https://www.youtube.com/watch?v=vCZnz0pnCoA&t=3514s


07 ඒකකය 

විද්‍යුත් පැතුරුම්පත් - 01 කොටස

https://www.youtube.com/watch?v=V_150gzksJ4&t=5003s


විද්‍යුත් පැතුරුම්පත් - 02 කොටස

https://www.youtube.com/watch?v=wkbd75ZVFPc&t=207s



Sunday, November 15, 2020

 රූපවාහිනී ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන් විකාශය.

        ශ්‍රී ලාංකීය සියළු සිසු දරු දැරියන් වෙනුවෙන් ජාතික රූපවාහිනී Eye නාලිකාව හා Nethra නාලිකා මගින් අධ්‍යාපනික වැඩසටහන් පවත්වාගෙන යයි. ඒවාට සම්බන්ධ වී ඔබේ මගහැරුණු පාඩම් සම්පූර්ණ කර ගැනීමට යොමු වන්න.

එම විකාශයන් වල දිනපතා කාලසටහන පහත ලිපිනය ඔස්සේ ලබා ගන්න.

http://www.channeleye.lk/rupavahini-tv-schedule








 E Nanapiyasa හදුන්වාදීම.

E Nanapiyasa යනු සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් දුරස්ථ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හදුන්වා දුන් වෙබ් අඩවියයි. සෑම සිසුවෙකුම මෙම වෙබ් අඩවිය හරහා ලබා දෙන සති පාසල තුළ ඇති පැවරුම් සිදු කළ යුතුය. අවස්ථාව ලබෛන පරිදි ඒවා ඔබේ විෂය භාර ගුරුවරුන් වෙත ලබා දිය හැකිය.

එහි ලිපිනය මෙසේය.

https://www.enenapiyasa.lk/





From 2020 September

 2020 සැප්තැම්බර් සිට නිවේදන හා පැවරුම් 

කොවිඩ් වසංගත තත්වය නිසා පාසල් දෙවන වරට නිවාඩු දුන් කාලයට අදාළව ඔබ විසින් පරිශීලනය කළ යුතු පැවරුම්, නිවේදන ආදිය මෙහි පළ කෙරේ.

Special Announcment

කොවිඩ් වසංගත නිවාඩු කාලයේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යමු.

ආදරණිය දුවේ පුතේ මෙම වර්ෂයේ පළමු පාසල් වාරය තුලදී ඇති වූ කොවිඩ් වසංගත තත්වය නිසා පාසල් නිවාඩු දුන් කාලයේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ජාතික පාසලේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් විශේෂිත බ්ලොග් අඩවියක් හදුන්වා දී ඒ මගින් ඔබ වෙත පැවරුම් හා අධ්‍යාපනික පාඩම් ගෙන එන ලදි. එම වසංගත තත්වයෙන් පසු පාසල් ආරම්භ වූ මොහොතේ අපට නිරීක්ෂණය වූයේ බොහෝ සිසු පිරිසක් එයින් ප්‍රයෝජන ලබා ගත් බවයි. කෙසේ වුවත් තවත් විශාල පිරිසකට අවශ්‍ය තාක්ෂණික පහසුකම් නොමැතිකම නිසා එම ඉගෙනුම් අවස්ථා මග හැරී ගිය අවස්ථාද නිරීක්ෂණය විය.

දැන් නැවතත් කොවිඩ් වසංගත තත්වය මත පාසල් නිවාඩු ලබා දී ඇති නිසා ගියවර මෙන් දුරස්ථ අධ්‍යාපන කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුව ඇත. ඔබ නිවසේ සුරක්ෂිතව සිටින අතරතුර ඔබේ දෙමාපියන්ගේ හා වැඩිහිටියන්ගේ සහාය ලබා ගෙන පහත පරිදි ඉගෙනුම් අවස්ථා සලසා ගැනීමට උත්සාහ දරණ ලෙස ඉල්ලා සිටිමි.

  • මේ වන විට පන්ති මට්ටමින් විෂය භාර ගුරුවරුන් විසින් නිර්මාණය කරගෙන ඇති සමාජ ජාල කණ්ඩායම් හරහා පැවරුම් හා පාඩම් ලබා දීම සිදු වන අතර ඔබේ පන්තිභාර ගුරුවරයා සම්බන්ධ කරගෙන එම කණ්ඩායම් සමග එකතු වී පැවරුම් හා පාඩම් ලබා ගන්න. මෙහිදී හැකිතාක් දුරට ඔබේ දෙමාපිය හෝ වැඩිහිටි සහාය ඇතිව එම කටයුතු සම්පූර්ණ කරන්න.

  • සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දී ඇති E Nanapiyasa වෙබ් අඩවිය මගින් හදුන්වා දී ඇති සති පාසල වැඩසටහන මගින් සතිපතා සම්පූර්ණ කළ යුතු පැවරුම් ලබාදීම සිදු කෙරේ. එම පැවරුම් ලබා ගෙන ඒවා සම්පූර්ණ කරන්න. මතුවන ගැටළු සම්බන්ධව විෂය භාර ගුරුභවතුන්ගෙන් විමසන්න.
            http://enenapiyasa.lk/
  • ජාතික රූපවාහිනිය මගින් දිනපතා විකාශණය කරන අධ්‍යාපනික වැඩසටහන් සමග සම්බන්ධ වන්න.

මෙම වැඩසටහන් සමග සම්බන්ධවීමේදී ඔබට මතුවන ගැටළු පන්ති භාර ගුරුවරුන් මාර්ගයෙන් විසදා ගැනීමට කටයුතු කරන්න.

- සංස්කාරක

Saturday, July 25, 2020

පාසල් යළි විවෘත කිරීම 2020/07/27

විශේෂ  නිවේදනයයි

පාසල් යළි විවෘත කිරීම - 2020/07/27

    2020 ජූලි මස 27 සඳුදා දින සිට පාසල්  යළි විවෘත කිරීමට තීරණය කර ඇත. එහිදී ජූලි මස 27 සිට ජූලි 31 දක්වා පැවැත්වෙන්නේ 11, 12 හා 13 ශ්‍රේණි සඳහා පමණි. 
එහිදී 11 ශ්‍රේණිය සඳහා ජූලි මස 27 සඳුදා දිනට අදාළ කාල සටහන වන්නේ ජූලි මස 13 දින පැවැත්වීමට සැලසුම් කර ලබා දුන් කාල සටහන බව සැලකිය යුතුය. 
එය පහත පරිදි වේ.


පාසල් විවෘත කිරීම සම්බන්ධව මීට පෙර මෙම බ්ලොග් අඩවියේ පළ කළ විස්තර වලට අනුකූලව පාසල් පැවැත්වෙන අතර එහි විස්තර නැවත අවධාරණයට ගන්න.

පාසල් ආරම්භයට අදාළ පොදු කරුණු.
  • 2020 ජූලි 27 සිට 31 දින දක්වා පැවැත්වෙන්නේ 11, 12 හා 13 ශ්‍රේණි පන්ති පමණි.
  • පාසල් පැවැත්වෙන කාලය පෙ.ව. 7.30 හා ප.ව. 3.30 වේ.
  • 11 ශ්‍රේණි සඳහා පැය 1 1/2 ක කාලච්ජේද හා 12, 13 ශ්‍රේණි සඳහා පැය 2 ක කාලච්ජේද ද පැවැත්වේ. 
  • විශේෂිත කාල සටහනකට අනුව විෂයයන් ඉගැන්වේ. (කාල සටහන මෙහි පළ කර ඇත.)
  • පාසල් ආපනශාලාව විිවෘතව නොමැත.
  • කාලච්ජේද අතරතුර විවේක කාලයන් 2ක් ලබා දේ. එය සෑම පන්තියකටම එකම මොහොතකදී ලබා නොදේ.
  • පන්තියකට සිසුන් 25 ක් වනසේ පන්ති වෙන් කර ඇත.
  • පුස්තකාලය, විද්‍යාගාර හෝ ක්‍රීඩා පිටි ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදු නොකරේ.
  • අවශ්‍ය ආහාර, ජල බෝතල් ආදිය නිවසින් රැගෙන ආ යුතුය. ආහාර ගන්නා විට ඒවා තනි තනිවම ගත යුතුය. ආහාර පාර්සල් රැගෙන ඒම තහනම් වන අතර කෑම පෙට්ටියක රැගෙන ආ යුතුය.
  • නිතර අත් සේදීම අත්‍යාවශ්‍ය කරුණක් නිසා ඒ අවස්ථාවලදී අත් පිසදැමීමට අවශ්‍ය ටිෂු කඩදාසි කිහිපයක් රැගෙන ආ යුතුය.
  • කිසිදු විටෙක එක් අයෙක් භාවිතා කරනු ලබන වතුර බෝතල්, පෑන්, පොත්පත් ආදී ද්‍රව්‍ය කිසිවක් අන් අය සමග බෙදා හදා ගැනීම සිදු  නොකළ යුතුය.
  • නිවසින් රැගෙන එන සියළු දෑ පෞද්ගලිකව නිවසට රැගෙන යා යුතු බැවින් ඒ සඳහා සුදුසු කවරයක් භාවිතා කළ යුතුය.
  • මුඛ ආවරණ පැලඳීම සිදු කළ යුතු අතර අමතර මුඛ ආවරණයක් රැගෙන ආ යුතුය.


පාසල් කාලය තුළ අනුගමනය කළ යුතු කරුණු.
  • මුඛ ආවරණ පැළඳ පාසල් භූමියට ඇතුල් වන්න. හැකි සෑම විටම එය පැළඳ සිටිය යුතුය.
  • පාසලට ඇතුළුවීමට පෙර පාසල් ගේට්ටුව අසළ පිහිටුවා ඇති ජල කරාම වලින් හොඳින් අත් සෝදා ගන්න.
  • පළමු දිනයේදී ඔබට නියමිත පන්තිය පිළිබඳ පන්තිභාර ගුරුවරයාගෙන් දැනුවත් වී එම පන්ති කාමරයට පිවිසෙන්න. කිසිදු හේතුවක් මත එම පන්ති කාමර වෙනස් කළ නොහැක.
  • පන්ති පැවැත්වෙන්නේ මීට පෙර ඔබේ පන්තිය පවතින ස්ථානයේ නොවිය හැකි බැවින් පළමු දිනයේදී එය නිවැරදිව දැන ගෙන අදාළ ස්ථාන වෙත යොමු වන්න.
  • තම පන්ති කාමරයේ සිට වෙනත් පන්තිකාමරවලට යාම සිදු නොකළ යුතු අතර කණ්ඩායම් සෑදී සාකච්ජා කිරීම සිදු නොකළ යුතුය.
  • සියළු විෂයයන් ඉගැන්වීම පන්තිකාමර තුළ සිදු වන බැවින් ක්‍රීඩා පිටිය, විද්‍යාගාර හෝ පුස්තකාලය වැනි ස්ථානවලට යාම සිදු නොකළ යුතුය.
  • විවේක කාලය පන්ති භාර ගුරුවරයා හෝ එම මොහොතේ විෂය භාර ගුරුවරයා විසින් සුදුසු පරිදි ලබා දෙන අතර සියළු සිසුන්ට එකම මොහොතේ විවේක කාලය ලබා නොදේ.
  • කිසිදු හේතුවක් මත අනවසරයෙන් පන්ති කාමරයෙන් බැහැර නොවිය යුතු අතර අත්‍යාවශ්‍ය කරුණක් සඳහා ඒ මොහොතේ විෂය භාර ගුරුවරයා විමසන්න.
  • පන්ති කාමර තුළදී භාවිතා කර ඉවත දැමීමට සිදුවන මුඛ ආවරණ හා ටිෂු කඩදාසි ආදිය වෙනම බෑගයකට දමා තම බෑගය තුළම තබා  ගෙන නිවසට ගොස් බැහැර කරන්න.
  • පාසලෙන් පිටව යාමට පෙරද හොඳින් අත් සෝදා ගෙන පිටවන්න.





Friday, July 3, 2020

කොවිඩ් 19 වසංගතය නිසා පැවති නිවාඩුවෙන් පසු පාසල් අදියර වශයෙන් යළි විවෘත කිරීම.

කොවිඩ් 19 වසංගතය නිසා පැවති නිවාඩුවෙන් පසු පාසල් අදියර වශයෙන් යළි විවෘත කිරීම.
ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයේ සෞඛ්‍යය ප්‍රවර්ධන කමිටුවේ විශේෂ පණිවිඩය

        2020 මාර්තු මාසයේදී ලබා දුන් දීර්ඝ  පාසල් නිවාඩුවෙන් පසු අදියර වශයෙන් පාසල් ආරම්භ වන අතර ඒ අනුව 2020 ජූලි 06 දින 11 හා 13 ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ වේ. කොවිඩ් 19 වසංගතය පාලිත තත්වයක් යටතේ පාසල් ආරම්භය සිදු වන නිසා නිරෝධායන නීති රීති හා සෞඛ්‍යය අංශවල උපදෙස් යටතේ සියළු කටයුතු සිදු වේ.
සෞඛ්‍යය උපදෙස් වලට අනුව පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම පසුගිය සතිය තුලදී සිදු විය.
මේ නිසා සාමාන්‍ය තත්වයන් යටතේ පාසල් ආරම්භ වන තත්වයක් නොවන බැවින් පහත සඳහන් කරුණු කෙරෙහි 11 හා 13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ගේ හා ඔවුන්ගේ දෙමාපියන්ගේ විශේෂ අවධානය යොමු කෙරේ.

පාසල් ආරම්භයට අදාළ පොදු කරුණු.
  • 2020 ජූලි 06 දින ආරම්භ වන්නේ 11 හා 13 ශ්‍රේණි පන්ති පමණි.
  • පාසල් පැවැත්වෙන කාලය පෙ.ව. 7.30 හා ප.ව. 3.30 වේ.
  • 11 ශ්‍රේණි සඳහා පැය 1 1/2 ක කාලච්ජේද හා 13 ශ්‍රේණි සඳහා පැය 2ක කාලච්ජේද ද පැවැත්වේ. 
  • විශේෂිත කාල සටහනකට අනුව විෂයයන් ඉගැන්වේ. (කාල සටහන මෙහි පළ කර ඇත.)
  • පාසල් ආපනශාලාව විිවෘතව නොමැත.
  • කාලච්ජේද අතරතුර විවේක කාලයන් 2ක් ලබා දේ. එය සෑම පන්තියකටම එකම මොහොතකදී ලබා නොදේ.
  • පන්තියකට සිසුන් 25 ක් වනසේ පන්ති වෙන් කර ඇත.
  • පුස්තකාලය, විද්‍යාගාර හෝ ක්‍රීඩා පිටි ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදු නොකරේ.
  • අවශ්‍ය ආහාර, ජල බෝතල් ආදිය නිවසින් රැගෙන ආ යුතුය. ආහාර ගන්නා විට ඒවා තනි තනිවම ගත යුතුය. ආහාර පාර්සල් රැගෙන ඒම තහනම් වන අතර කෑම පෙට්ටියක රැගෙන ආ යුතුය.
  • නිතර අත් සේදීම අත්‍යාවශ්‍ය කරුණක් නිසා ඒ අවස්ථාවලදී අත් පිසදැමීමට අවශ්‍ය ටිෂු කඩදාසි කිහිපයක් රැගෙන ආ යුතුය.
  • කිසිදු විටෙක එක් අයෙක් භාවිතා කරනු ලබන වතුර බෝතල්, පෑන්, පොත්පත් ආදී ද්‍රව්‍ය කිසිවක් අන් අය සමග බෙදා හදා ගැනීම සිදු  නොකළ යුතුය.
  • නිවසින් රැගෙන එන සියළු දෑ පෞද්ගලිකව නිවසට රැගෙන යා යුතු බැවින් ඒ සඳහා සුදුසු කවරයක් භාවිතා කළ යුතුය.
  • මුඛ ආවරණ පැලඳීම සිදු කළ යුතු අතර අමතර මුඛ ආවරණයක් රැගෙන ආ යුතුය.


පාසල් කාලය තුළ අනුගමනය කළ යුතු කරුණු.
  • මුඛ ආවරණ පැළඳ පාසල් භූමියට ඇතුල් වන්න. හැකි සෑම විටම එය පැළඳ සිටිය යුතුය.
  • පාසලට ඇතුළුවීමට පෙර පාසල් ගේට්ටුව අසළ පිහිටුවා ඇති ජල කරාම වලින් හොඳින් අත් සෝදා ගන්න.
  • පළමු දිනයේදී ඔබට නියමිත පන්තිය පිළිබඳ පන්තිභාර ගුරුවරයාගෙන් දැනුවත් වී එම පන්ති කාමරයට පිවිසෙන්න. කිසිදු හේතුවක් මත එම පන්ති කාමර වෙනස් කළ නොහැක.
  • පන්ති පැවැත්වෙන්නේ මීට පෙර ඔබේ පන්තිය පවතින ස්ථානයේ නොවිය හැකි බැවින් පළමු දිනයේදී එය නිවැරදිව දැන ගෙන අදාළ ස්ථාන වෙත යොමු වන්න.
  • තම පන්ති කාමරයේ සිට වෙනත් පන්තිකාමරවලට යාම සිදු නොකළ යුතු අතර කණ්ඩායම් සෑදී සාකච්ජා කිරීම සිදු නොකළ යුතුය.
  • සියළු විෂයයන් ඉගැන්වීම පන්තිකාමර තුළ සිදු වන බැවින් ක්‍රීඩා පිටිය, විද්‍යාගාර හෝ පුස්තකාලය වැනි ස්ථානවලට යාම සිදු නොකළ යුතුය.
  • විවේක කාලය පන්ති භාර ගුරුවරයා හෝ එම මොහොතේ විෂය භාර ගුරුවරයා විසින් සුදුසු පරිදි ලබා දෙන අතර සියළු සිසුන්ට එකම මොහොතේ විවේක කාලය ලබා නොදේ.
  • කිසිදු හේතුවක් මත අනවසරයෙන් පන්ති කාමරයෙන් බැහැර නොවිය යුතු අතර අත්‍යාවශ්‍ය කරුණක් සඳහා ඒ මොහොතේ විෂය භාර ගුරුවරයා විමසන්න.
  • පන්ති කාමර තුළදී භාවිතා කර ඉවත දැමීමට සිදුවන මුඛ ආවරණ හා ටිෂු කඩදාසි ආදිය වෙනම බෑගයකට දමා තම බෑගය තුළම තබා  ගෙන නිවසට ගොස් බැහැර කරන්න.
  • පාසලෙන් පිටව යාමට පෙරද හොඳින් අත් සෝදා ගෙන පිටවන්න.
මීට අමතරව පහත උපදෙස් කෙරෙහිද අවධානය යොමු කරන්න.



2020 ජූලි 06 සිට 11 ශ්‍රේණිය සඳහා කාල සටහන.









Friday, June 26, 2020

විශේෂ ශ්‍රමදාන ව්‍යාපාරය 2020/06/30

ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ විශේෂ පණිවිඩය

විශේෂ ශ්‍රමදාන ව්‍යාපාරය 2020/06/30 දින

       කොවිඩ් වසංගත තත්වය නිසා වසා දැමුණු පාසල් අධ්‍යයන කටයුතු සඳහා යළි විවෘත කිරීම ජූලි 06 දින සිට සිදු කිරීමට නියමිත අතර ඊට පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කර ගැනීම වෙනුවෙන් විශේෂ ශ්‍රමදාන කටයුත්තක් 2020 ජූනි මස 30 දින පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ සඳහා 11 හා 13 ශ්‍රේණි ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් අදාළ දින පෙ.ව. 8 ට පමණ විද්‍යාලයට පැමිණෙන ලෙස විදුහල්පතිතුමා විසින් දැනුම් දී ඇත. එහිදි භාවිතා කිරීමට සුදුසු උපකරණයක් රැගෙන එන ලෙසද දැනුම් දී ඇත.
        - සංස්කාරක

Saturday, May 30, 2020

Microsoft Teams ICT Online Classes

Microsoft Teams ICT Online Classes


පැවති පාඩම් නරඹන්න..

(01) Microsoft Office 365 ගිණුමක් භාවිතා කරන අයුරු.



(02) Microsoft Teams හරහා Guest  කෙනෙකු ලෙස පාඩමකට  සම්බන්ධවීම.

(03) පළමු පාඩම - සාර්ථකව අවසන් කලා

පළමු පාඩම මග හැරුණු අය එහි සජීවී පටිගත කළ වීඩියෝව නරඹන්න. 




(04) දෙවන පාඩම - සාර්ථකව අවසන් කලා

දෙවන පාඩම මග හැරුණු අය එහි සජීවී පටිගත කළ වීඩියෝව නරඹන්න. 


(05) තෙවන පාඩම - සාර්ථකව අවසන් කලා 

සජීවී පටිගත කළ වීඩියෝව නරඹන්න.

(05) 10  ශ්‍රේණිය - විද්‍යුත් පැතුරුම්පත් පාඩම - 01 කොටස
සජීවී පටිගත කළ වීඩියෝව නරඹන්න.



(06) 10  ශ්‍රේණිය - විද්‍යුත් පැතුරුම්පත් පාඩම - 02 කොටස
සජීවී පටිගත කළ වීඩියෝව නරඹන්න. (පාඩම ඇතුළත් කළේ - 2020/07/02)


(07) 11  ශ්‍රේණිය - අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල පාඩම - 02 කොටස
සජීවී පටිගත කළ වීඩියෝව නරඹන්න. (පාඩම ඇතුළත් කළේ - 2020/07/04)





Wednesday, May 20, 2020

ICT Video Lessons by Manoj Dhananjaya

ICT Video Lessons by Manoj Sir...

(01) පැතුරුම්පත් මෘදුකාංග - 01 කොටස.  (2020/05/20)




අනෙකුත් වීඩියෝ පාඩම් සඳහා පිවිසෙන්න - 

Sunday, May 10, 2020

Englsih Video Lessons By Dinesh Sir

Englsih Video Lessons By Dinesh Sir



(01) The Structure of the English OL Paper

 

(02) Active voice Sentences



(03) Writing a simple paragraph (Past form) 2020/05/16








Friday, May 1, 2020

ගණිතය වීඩියෝ පාඩම් මාලාව

ගණිතය වීඩියෝ පාඩම් මාලාව - රෝහණ ගුරුතුමා

(01)
(02) 



(03)



Thursday, April 30, 2020

අ.පො.ස. උසස් පෙළ අයදුම්පත් කැඳවීම 2020 - 2022

*** (මීට පෙර ‍ මෙම පිටුවේ විස්තර දක්වා තිබුනේ තැපැල් මගින් අයදුම්පත් එවීම පිළිබඳව පමණි. මේ වන විට තැපැල් මගින් අයදුම්පත් යොමු කළ අය ඒ පිළිබඳව නැවත ක්‍රියාත්මක නොවිය යුතු අතර  පහත විස්තර කියවා අන්තර්ජාලය හරහා අයදුම්පත යොමු කිරීමට අවධානය යොමු කරන්න)

අ.පො.ස. උසස් පෙළ අයදුම්පත් කැඳවීම 2020 - 2022
(පාසල් හා බාහිර සියළු අයදුම්කරුවන් සඳහා)

      2019 වර්ෂයේ පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත අ.පො.ස. උසස් පෙළ පන්ති සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර ඇත. මේ වන විට ආචාර්ය ඇන්.ඇම්.පෙ‍රේරා මධ්‍ය මහා විද්‍යාලයේ කලා, වාණිජ, විද්‍යා, ගණිත හා තාක්ෂණ යන සියළු අංශවලින් ඉගැන්වීම් කටයුතු පවත්වනු ලැබේ.
     ඒ අනුව ආචාර්ය ඇන්.ඇම්.පෙ‍රේරා මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්වීමට අපේක්ෂා කරන සියළු දෙනා මෙහි දැක්වෙන ආකාරයට  අයදුම්පත්‍ර සම්පූර්ණ කර එවිය යුතුය. 

අයදුම්පත්‍ර යොමු කිරීම ආකාර දෙකකට සිදු කළ යුතුය.

1. අන්තර්ජාලය හරහා මාර්ගගතව යොමු කිරීම.
අන්තර්ජාලයට පිවිස පහත සබැඳිය ඔස්සේ ලබා ගන්නා අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර යොමු කරන්න.
           ( https://tinyurl.com/alonlineapply)

2. ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් යොමු කිරීම.

අයදුම්පත්‍රය යොමු කිරීමට පහත උපදෙස් අනුගමනය කරන්න.
  • මෙහි දක්වා ඇති අයදුම්පත්‍රය භාගත කරගන්න.
          අයදුම්පත්‍රය භාගත කර ගැනීම සඳහා ක්ලික් කරන්න.
           (https://tinyurl.com/al2022application)
  • එය A4 පිටුවල මුද්‍රණය කර පැහැදිලි අත්අකුරින් සම්පුර්ණ කරන්න.
  • ඔබගේ අයදුම්පත්‍රය ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් ලැබෙන්නට සලස්වන්න.
  • අයදුම්පත්‍රය සමග ඔබේ නම, ලිපිනය ලියූ රුපියල් 45 ක මුද්දර ඇලවූ ලියුම් කවරයක්ද යොමු කරන්න.

 (ලිපිනය - විදුහල්පති, කෑ/දෙහි/ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මධ්‍ය මහා විද්‍යාලය, යටියන්තොට)

  ලියුම් කවරය වම් ඉහළ කෙළවරේ "උසස් පෙළ අයදුම්පත්‍ර 2020" ලෙස හා ඔබේ විෂය ධාරාව දක්වන්න.
   

  

Wednesday, April 29, 2020

2019 අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විශ්ණලේෂණය


අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා විද්‍යාලයට විශිෂ්ඨ ප්‍රතිඵලයක්.....

     පසුගිය 2019 දෙසැම්බර් මාසයේ පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉතා විශිෂ්ඨ ප්‍රතිඵල අත්කර ගැනීමට ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. පසුගිය වසර කිහිපය පුරා අඛණ්ඩව වර්ධනය වන සමත් ප්‍රතිශතයක් වාර්තා කළ අතර මෙවර එය තවත් ඉහළ අගයක් දක්වා වාර්තා කර ඇත. 
මෙවර ප්‍රතිඵලයේ පහත සුවිශේෂිතා දැක ගත හැකිය.

  • 90% ක ඉතා ඉහළ සමත් ප්‍රතිශතයක්.
  • විෂයයන් රැසක සමත් ප්‍රතිශතය 100% ක්.
  • අනෙකුත් සෑම විෂයයකම සමත් ප්‍රතිශතය 75% ඉක්මවයි.
  • A 9 වාර්තා කළ සිසුන් තිදෙනෙක්.
ඒ අනුව එක් එක් විෂයයන් සඳහා ලබාගෙන ඇති ප්‍රතිඵලයන් පහත පරිදි වේ. 

2019 අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විශ්ණලේෂණය
විභාගය සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව             -                201
උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව  -               181
උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිශතය         -               90.04%



(විෂයයන්වල ප්‍රතිඵල විශ්ලේෂණ වාර්තා සම්පාදනය සහකාර විදුහල්පති නිහාල් ගුණවර්ධන මහතා)

     මෙම විශිෂ්ඨ ප්‍රතිඵල වාර්තා කිරීමට දායක වූ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියළු දෙනාත් කැපවීමෙන් තම කටයුතු සම්පූර්ණ කළ දරු දැරියන්ද මේ මොහොතේ සිහිපත් කළ යුතුය.
(මේ සතුටුදායක මොහාතේ පාසල් විවෘතව නොතිබුණත් ඔබගේ සුබ පැතුම ඔබේ නමත් සමගම කමෙන්ටුවක් ලෙස දක්වන්න)