Sunday, November 15, 2020

Special Announcment

කොවිඩ් වසංගත නිවාඩු කාලයේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යමු.

ආදරණිය දුවේ පුතේ මෙම වර්ෂයේ පළමු පාසල් වාරය තුලදී ඇති වූ කොවිඩ් වසංගත තත්වය නිසා පාසල් නිවාඩු දුන් කාලයේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ජාතික පාසලේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් විශේෂිත බ්ලොග් අඩවියක් හදුන්වා දී ඒ මගින් ඔබ වෙත පැවරුම් හා අධ්‍යාපනික පාඩම් ගෙන එන ලදි. එම වසංගත තත්වයෙන් පසු පාසල් ආරම්භ වූ මොහොතේ අපට නිරීක්ෂණය වූයේ බොහෝ සිසු පිරිසක් එයින් ප්‍රයෝජන ලබා ගත් බවයි. කෙසේ වුවත් තවත් විශාල පිරිසකට අවශ්‍ය තාක්ෂණික පහසුකම් නොමැතිකම නිසා එම ඉගෙනුම් අවස්ථා මග හැරී ගිය අවස්ථාද නිරීක්ෂණය විය.

දැන් නැවතත් කොවිඩ් වසංගත තත්වය මත පාසල් නිවාඩු ලබා දී ඇති නිසා ගියවර මෙන් දුරස්ථ අධ්‍යාපන කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුව ඇත. ඔබ නිවසේ සුරක්ෂිතව සිටින අතරතුර ඔබේ දෙමාපියන්ගේ හා වැඩිහිටියන්ගේ සහාය ලබා ගෙන පහත පරිදි ඉගෙනුම් අවස්ථා සලසා ගැනීමට උත්සාහ දරණ ලෙස ඉල්ලා සිටිමි.

  • මේ වන විට පන්ති මට්ටමින් විෂය භාර ගුරුවරුන් විසින් නිර්මාණය කරගෙන ඇති සමාජ ජාල කණ්ඩායම් හරහා පැවරුම් හා පාඩම් ලබා දීම සිදු වන අතර ඔබේ පන්තිභාර ගුරුවරයා සම්බන්ධ කරගෙන එම කණ්ඩායම් සමග එකතු වී පැවරුම් හා පාඩම් ලබා ගන්න. මෙහිදී හැකිතාක් දුරට ඔබේ දෙමාපිය හෝ වැඩිහිටි සහාය ඇතිව එම කටයුතු සම්පූර්ණ කරන්න.

  • සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දී ඇති E Nanapiyasa වෙබ් අඩවිය මගින් හදුන්වා දී ඇති සති පාසල වැඩසටහන මගින් සතිපතා සම්පූර්ණ කළ යුතු පැවරුම් ලබාදීම සිදු කෙරේ. එම පැවරුම් ලබා ගෙන ඒවා සම්පූර්ණ කරන්න. මතුවන ගැටළු සම්බන්ධව විෂය භාර ගුරුභවතුන්ගෙන් විමසන්න.
            http://enenapiyasa.lk/
  • ජාතික රූපවාහිනිය මගින් දිනපතා විකාශණය කරන අධ්‍යාපනික වැඩසටහන් සමග සම්බන්ධ වන්න.

මෙම වැඩසටහන් සමග සම්බන්ධවීමේදී ඔබට මතුවන ගැටළු පන්ති භාර ගුරුවරුන් මාර්ගයෙන් විසදා ගැනීමට කටයුතු කරන්න.

- සංස්කාරක

No comments:

Post a Comment